Monday 4th of May 2026

English Tamil
Advertiesment


ආණ්ඩුව වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්නේ නෑ


2021-08-08 14890

 

කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විට  සීඝ්‍රයෙන් රට තුළ ව්‍යාප්ත වී ඇති බවත් දිනකට 90ත් 100ත් අතර පිරිසක්  මියයන බවත්  එම සංඛ්‍යා ලේඛනවල ද ප්‍රශ්ණ ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි. ඔහු තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ 

"පාර්ලිමේන්තු උපදේශක කමිටුව මේ පිළිබඳව වාර්තා කල යුතුයි .ඉන්දියාවට වඩා දරුණු තත්වයක් ලංකාවේ ඇති විය හැකි බව සමහරුන් පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ නැතව හමුදාව යටතේ එන්නත්කරණය කිරීම පිළිගත නොහැකියි.එහි ගැටළුවක් පවතිනවා.වයස අවුරුදු 12ට වැඩි සියලුදෙනාට එන්නත ලබාදිය යුතුයි.

එන්නත්, ඔක්සිජන් හා අත්‍යවශ්‍ය තවත් උපකරණ ගණනාවක්  හිඟයක් ලෝකයේ ඇතිවිය හැකියි. එදා ගොඩනැගිලි ඇඳන් හදනවා කිව්වත් අද ඒවා මොකුත් නෑ . වෛද්‍යවරුන් හා සෞඛ්‍ය ක්ෂේත්‍රය නිසයි අපි බේරිලා ඉන්නේ. ආණ්ඩුව වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්නේ නෑ. වෛද්‍යවරු ලොක් ඩවුන් කරන්න කියලා ඉල්ලලා තියෙද්දීත් එය ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමට හේතු පැහැදිලි කළ යුතුව ඇතැයි ද කියා සිටියේය.

 

Advertiesment